DISCOVER TOP STORIES

Real-time news aggregated directly from Sri Lanka (Helakuru Esana & Ada Derana) and global open wires. Tap “Read More” on any card to read full story details in popup view.

Active Channel 🇱🇰 Helakuru Esana & Ada Derana (සිංහල)
All Loaded 50 Stories
කාවන්තිස්ස ඇතා මියයයි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 19:15 🇱🇰 සිංහල

කාවන්තිස්ස ඇතා මියයයි

> EN: Kavantissa elephant dies

වෙඩි වැදීමකින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ‘කාවන්තිස්ස’ ඇතා මියගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජීවත්වන ඇතුන් අතරින් උසම ඇතා වන කාවන්තිස්ස ඇතා පාදයක බරපතල තුවාලයක් සහිතව සියඹලන්ගමුව යාය 03 ප්‍රදේශයේ කුඹුරු යායක ඇදවැටී සිටියා.

පෙර ජනාධිපතිවරයාට සිදුවූ පරිපාලන දෝෂ නිවැරදි කර, ඥානසාර හිමියන්ට නිසි පරිදි ජනාධිපති සමාව ලබාදිය යුතුයි - දිලිත් ජයවීර
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 18:55 🇱🇰 සිංහල

පෙර ජනාධිපතිවරයාට සිදුවූ පරිපාලන දෝෂ නිවැරදි කර, ඥානසාර හිමියන්ට නිසි පරිදි ජනාධිපති සමාව ලබාදිය යුතුයි - දිලිත් ජයවීර

> EN: The administrative errors committed by the previous President should be corrected and Venerable Gnanasara Thero should be granted a presidential pardon - Dilith Jayaweera

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු බුදු දහමට දිගින් දිගටම අකටයුතුකම් සිදුවන බව පෙනෙන්නට ඇති බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මීට පෙර ලැබුණු ජනාධිපති සමාවට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවෙන් පැහැදිලි වන්නේ, පරිපාලනමය දුර්වලතා නිවැරදි කර නැවත උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදිය හැකි බව යැයි අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඊයේ මම ජනාධිපති කාර්යාලය ළඟට ගියා නම්, මාව අත්අඩංගුවට ගන්නවා - වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 18:10 🇱🇰 සිංහල

ඊයේ මම ජනාධිපති කාර්යාලය ළඟට ගියා නම්, මාව අත්අඩංගුවට ගන්නවා - වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි

> EN: Ven. Walawahangunawewe Dhammarathana Thero Criticizes Government Response to Monks' Satyagraha

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සාධාරණය ඉල්ලමින් භික්ෂූන් වහන්සේ විසින් පවත්වනු ලබන සත්‍යග්‍රහයට බාධා පැමිණවීමට ආණ්ඩුවට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා. ජනාධිපති ලේකම්වරයා පැමිණ මෙම සිදුවීම තමන්ගේ වරදක් නොව හිටපු ජනාධිපතිවරයාගේ වරදක් බව පවස‍ා ඇති බවත්, වර්තමාන බලධාරීන් විසින් බුද්ධිමත්ව කටයුතු කර, අදාළ වැරැද්ද නිවැරදි කරමින්, ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටින බවයි අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ.

පා ගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ, ඉල්ලන්න ඕනේ කරන්න පුළුවන් දෙයක් - කේ.ඩී ලාල්කාන්ත
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 17:13 🇱🇰 සිංහල

පා ගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ, ඉල්ලන්න ඕනේ කරන්න පුළුවන් දෙයක් - කේ.ඩී ලාල්කාන්ත

> EN: Requests made by the Venerable Theros who arrived on the foot march cannot be fulfilled; they must ask for something doable - K. D. Lalkantha

https://helakuru.sgp1.cdn.digitaloceanspaces.com/esana/voice-news/1792147181_66006e8fb1c6763d8bd4.mp3

පාකිස්තාන අවුරුදු 19 න් පහළ කාන්තා තුන්කොන් සටනේ ජය ශ්‍රී ලංකාවට
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 16:00 🇱🇰 සිංහල

පාකිස්තාන අවුරුදු 19 න් පහළ කාන්තා තුන්කොන් සටනේ ජය ශ්‍රී ලංකාවට

> EN: Sri Lanka wins Pakistan U-19 women's tri-series

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 04 කින් පරාජය කර, පාකිස්තානයේ පැවැති වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (16) සමත් වුණා. Faisalabad පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 158 ක් රැස් කිරීමට සමත් වුණා.

ශිරන්ති රාජපක්ෂට ඇප
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 15:50 🇱🇰 සිංහල

ශිරන්ති රාජපක්ෂට ඇප

> EN: Shiranthi Rajapaksa granted bail

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස බුද්ධශාසන අමාත්‍යාංශය අසලට
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 15:40 🇱🇰 සිංහල

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස බුද්ධශාසන අමාත්‍යාංශය අසලට

> EN: Demonstrating Monks Relocate to Buddhasasana Ministry Following Removal of Temporary Structures

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකර තිබූ තාවකාලික අට්ටාල සහ ඉදිකිරීම් මහා සංඝරත්නය විසින් ඉවත් කරගත් අතර, එම ස්ථානයේ රැඳී සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස මේ වන විට බුද්ධශාසන අමාත්‍යාංශය ආසන්නයට වැඩම කර තිබෙනවා. එහිදී භික්ෂූන් වහන්සේ පිරිසකට බුද්ධශාසන අමාත්‍යාංශයෙන් සාකච්ඡාවක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

සෞදියේ රියාද් සහ දම්මාම් වෙත පියාසර කරන ශ්‍රීලංකන් ගුවන් ගමන් ඔක්තෝබර් 24 දක්වා අත්හිටුවයි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 15:20 🇱🇰 සිංහල

සෞදියේ රියාද් සහ දම්මාම් වෙත පියාසර කරන ශ්‍රීලංකන් ගුවන් ගමන් ඔක්තෝබර් 24 දක්වා අත්හිටුවයි

> EN: SriLankan Airlines suspends flights to Riyadh and Dammam in Saudi Arabia until October 24

සෞදි අරාබියේ දම්මාම් සහ රියාද් දක්වා ක්‍රියාත්මක සියලු ගුවන් ගමන් අත්හිටුවීම ඔක්තෝබර් 24 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරන්නේ.

කාවන්තිස්ස ඇතාගේ ප්‍රතිකාරවලට බාධා නොවන ලෙස නිහඬ පරිසරයක් සුරැකීමට සහාය වන ලෙස පරිසර අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 14:50 🇱🇰 සිංහල

කාවන්තිස්ස ඇතාගේ ප්‍රතිකාරවලට බාධා නොවන ලෙස නිහඬ පරිසරයක් සුරැකීමට සහාය වන ලෙස පරිසර අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

> EN: Ministry of Environment Urges Public Cooperation to Ensure Quiet Environment for Critical Tusker Kavantissa

අසාධ්‍ය තත්ත්වයේ පසුවන කාවන්තිස්ස ඇතාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ පශු වෛද්‍ය කණ්ඩායම් මේ වන විටත් පැය 24 පුරා දැඩි වෙහෙසක් දරමින් සිටින බව පරිසර අමාත්‍යාංශය පවසනවා. සේලයින් සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබාදෙමින්, සත්ත්වයාගේ කායික ස්ථාවරත්වය ඇති කිරීමට අවශ්‍ය සියලු විද්‍යාත්මක ක්‍රමවේද අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

බන්ධනාගාර නිලධාරීන් අස්ගිරි සහ මල්වතු නාහිමියන් බැහැදකියි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 14:30 🇱🇰 සිංහල

බන්ධනාගාර නිලධාරීන් අස්ගිරි සහ මල්වතු නාහිමියන් බැහැදකියි

> EN: Senior Prison Officials Meet Asgiriya and Malwatta Mahanayaka Theros

සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කළ යුතු බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් පවසනවා. බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අද (16) අස්ගිරි මහා විහාරයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 14:10 🇱🇰 සිංහල

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

> EN: Warning issued for severe lightning in several areas

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වලත්, මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව්, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවට නිර්දේශ කරයි, නඩුව පස්වරු 2.45 ට කැඳවීමට නියෝග
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 14:01 🇱🇰 සිංහල

ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවට නිර්දේශ කරයි, නඩුව පස්වරු 2.45 ට කැඳවීමට නියෝග

> EN: Shiranthi Rajapaksa recommends bypass surgery, case to be called at 2.45 pm

ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් සිරිලිය සවිය සංවිධානය වෙත රුපියල් මිලියන 10 ක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධ සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ පිළිබඳ වෛද්‍ය වාර්තාව අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා. මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දෙනු ලැබූ අතර, එම වෛද්‍ය වාර්තාව පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ආවරණ ලිපියක් සහිතව මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන බවයි.

කොළඹ වරායේ ඩිජිටල් පරිවර්තනය සඳහා ඇමරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 17 ක ආයෝජනයක්
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 13:45 🇱🇰 සිංහල

කොළඹ වරායේ ඩිජිටල් පරිවර්තනය සඳහා ඇමරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 17 ක ආයෝජනයක්

> EN: United States Announces $17 Million Grant for Colombo Port Digitalization

කොළඹ වරායේ ඩිජිටල් පරිවර්තනය සඳහා සහාය වීම වෙනුවෙන් එක්සත් ජනපදය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 17 ක ආධාර මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ප්‍රමාදයන් අවම කිරීම සහ ගෝලීය වෙළෙඳාම තුළ ශ්‍රී ලංකාවේ කාර්යභාරය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ඇමරිකානු තාක්ෂණය හඳුන්වා දීමට මෙම වැඩසටහන මඟින් කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල්යයි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 13:25 🇱🇰 සිංහල

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල්යයි

> EN: Debate on no-confidence motion against Speaker adjourned indefinitely

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් දැමීමට පියවර ගෙන තිබෙනවා. අදාළ විවාදය ලබන 20 වන අඟහරුවාදා දිනයේ විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය විසින් යෝජනා කර ඇති අතර, කථානායකවරයාට එරෙහි යෝජනාවේ කරුණු 50 ක් සඳහන්ව ඇති බැවින් ඊට එක් දිනයක් ප්‍රමාණවත් නොවන බවයි විපක්ෂයේ නියෝජිතයින් පෙන්වා දී තිබෙන්නේ.

සුරේෂ් සලේ අධිකරණය හමුවට රැගෙන එයි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 13:21 🇱🇰 සිංහල

සුරේෂ් සලේ අධිකරණය හමුවට රැගෙන එයි

> EN: Former State Intelligence Chief Suresh Sallay Produced Before Permanent High Court-at-Bar

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ, ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙනවිත් තිබෙනවා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි දීම සඳහා ඔහු මෙලෙස අධිකරණය වෙත රැගෙනවිත් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන කෝටි 8.5කට අධික දේපොළ ක්‍රියාවිරහිත කෙරේ
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 13:05 🇱🇰 සිංහල

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන කෝටි 8.5කට අධික දේපොළ ක්‍රියාවිරහිත කෙරේ

> EN: Property worth over 8.5 million suspected to have been acquired through drug trafficking is frozen

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීතිවිරෝධී ලෙස උපයාගත් බවට සැකකෙරෙන රුපියල් කෝටි 8.5කට අධික වටිනාකමකින් යුත් මුදල් සහ දේපොළ ක්‍රියාවිරහිත කිරීමට නියෝග කර තිබෙනවා. යාපනය අධිකරණය භාරයේ පවතින රුපියල් මිලියන 15 ක මුදලක් සහ යාපනය, මාදගල් ප්‍රදේශයේ ඉදිකර ඇති රුපියල් මිලියන 70 කට අධික වටිනාකමකින් යුත් දෙමහල් නිවසක් මෙලෙස ක්‍රියාවිරහිත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගාලු මුවදොර අසල මාර්ගයේ භික්ෂූන් වහන්සේලා විසින් සවිකර තිබුණු තාවකාලික අට්ටාල ඉවත් කරගනී
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 12:43 🇱🇰 සිංහල

ගාලු මුවදොර අසල මාර්ගයේ භික්ෂූන් වහන්සේලා විසින් සවිකර තිබුණු තාවකාලික අට්ටාල ඉවත් කරගනී

> EN: Temporary shelters erected by monks on the road near Galle Face are being removed.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී තිබූ නියෝගයත් සමඟම, ගාලු පාර ආසන්නයේ ඉදිකර තිබුණු තාවකාලික අට්ටාල ඉවත් කිරීමට සත්‍යග්‍රහයේ නිරත පිරිස් විසින් කටයුතු කර තිබෙනවා. අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙසට පොලීසිය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණු අතර, ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබුණා. 

2025 සහ 2026 කාලය තුළ හම්බන්තොට වරාය හරහා වාහන 167,569 ක් බෙදාහරියි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 12:30 🇱🇰 සිංහල

2025 සහ 2026 කාලය තුළ හම්බන්තොට වරාය හරහා වාහන 167,569 ක් බෙදාහරියි

> EN: Hambantota Port Handles 167,569 Vehicles Between 2025 and 2026

හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා 2025 මාර්තු සිට දෙසැම්බර් දක්වා සහ මෙම වසරේ සැප්තැම්බර් දක්වා වූ කාලය තුළ වාහන 167,569 ක් බෙදාහැර ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසනවා. 2025 මාර්තු සිට දෙසැම්බර් දක්වා කාලය තුළ වාහන 86,389 ක් බෙදාහැර ඇති අතර, ඒ අතරට නවතම වාහන 30,809 ක් සහ භාවිත කළ වාහන 55,580 ක් ඇතුළත්. 

භික්ෂු විරෝධතාව හේතුවෙන් වසා දැමුණු ගාලු පාර යළි විවෘත කෙරේ
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 12:22 🇱🇰 සිංහල

භික්ෂු විරෝධතාව හේතුවෙන් වසා දැමුණු ගාලු පාර යළි විවෘත කෙරේ

> EN: Galle Road, closed due to monk protest, reopens

මහා සංඝරත්නයේ විරෝධතාව හේතුවෙන් වසා දැමුණු කොළඹ ගාලු පාර නැවත විවෘත කර තිබෙනවා. ඊයේ (15) සවස පැවැති විරෝධතාවක් හේතුවෙන් එම මාර්ගයේ එක් කොටසක් වසා දැමීමට පියවර ගෙන තිබුණා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික විෂයමාලා රාමුව පිළිබඳව අස්ගිරි මහා නාහිමියන් දැනුවත් කෙරේ
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 12:10 🇱🇰 සිංහල

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික විෂයමාලා රාමුව පිළිබඳව අස්ගිරි මහා නාහිමියන් දැනුවත් කෙරේ

> EN: Asgiriya Mahanayaka Thero Briefed on New National Curriculum Framework for Education Reforms

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කළ ජාතික අධ්‍යාපන ආයතනය මඟින් නිකුත් කරන ලද ජාතික විෂයමාලා රාමුව පිළිබඳව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඥානරතන හිමියන් සහ අනුනායක නාරම්පනාවේ ආනන්ද හිමියන් දැනුවත් කිරීම සහ එම විෂයමාලා රාමුව පිළිගැන්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඊයේ (15) අස්ගිරි මහා විහාරයේදී සිදුකෙරුණා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළව සකස් කර ඇති ජාතික විෂයමාලා රාමුවේ අරමුණු සහ එහි අන්තර්ගතය පිළිබඳව මහා නායක හිමියන් සහ අනුනායක හිමියන් දැනුවත් කිරීම ද මෙහිදී සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පියාසර කළ හැකි මෝටර් රථයක් ටෙස්ලා සමාග‍මෙන් එළිදක්වයි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 11:46 🇱🇰 සිංහල

පියාසර කළ හැකි මෝටර් රථයක් ටෙස්ලා සමාග‍මෙන් එළිදක්වයි

> EN: Tesla Unveils Flying Roadster at SpaceX Facility in Texas

ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක් විසින් පියාසර කිරීමට හැකි බව පැවසෙන මෝටර් රථයක් එළිදක්වා තිබෙනවා. ඉලෝන් මස්ක්ගේ අනෙක් ප්‍රසිද්ධ සමාගම වන SpaceX හි ටෙක්සාස් පරීක්ෂණ මධ්‍යස්ථානයක පැවති නිෂ්පාදන එළිදැක්වීමේ උත්සවයකදී, ඔහු ටෙස්ලා හි මෙම නව Roadster මාදිලිය ප්‍රදර්ශනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කළුතර, නාගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තිදෙනෙකු අත්අඩංගුවට
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 11:30 🇱🇰 සිංහල

කළුතර, නාගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තිදෙනෙකු අත්අඩංගුවට

> EN: Three people arrested for abetting the double murder in Nagoda

කළුතර, නාගොඩ අවන්හලක් ඉදිරිපිටදී පුරුෂයෙක් සහ කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 09 වැනිදා සිදුවූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කළුතර දිසා අපරාධ කොට්ඨාසය මඟින් ඊයේ (15) රාත්‍රියේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

UPDATE: විරෝධතාවයේ නිරත වන භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාරදෙයි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 11:28 🇱🇰 සිංහල

UPDATE: විරෝධතාවයේ නිරත වන භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාරදෙයි

> EN: UPDATE: Court order read out to protesting monks

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන භික්ෂූන් වහන්සේලා වෙත අධිකරණය විසින් ලබාදුන් නියෝගය පොලීසිය විසින් කියවා දී භාරදී තිබෙනවා. කෙසේ වෙතත්, භික්ෂූන් වහන්සේලා සහ විරෝධතාකරුවන් තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික වේදිකාවේ රැඳී සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ යෝජිත පනත් කෙටුම්පත ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි කනස්සල්ල
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 11:10 🇱🇰 සිංහල

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ යෝජිත පනත් කෙටුම්පත ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි කනස්සල්ල

> EN: Transparency International Expresses Concern Over Proposed Protection of the State from Terrorism Bill

ගැසට් කර ඇති, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට හඳුන්වා දීමට යෝජිත “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය සිය කනස්සල්ල පළ කර තිබෙනවා. එම පනත් කෙටුම්පතෙහි ත්‍රස්තවාදය පිළිබඳ පුළුල් අර්ථ දැක්වීම්, විධායකයේ බලතල පුළුල් කිරීම, පරිපාලනමය රඳවා තබා ගැනීම් සහ මූලික නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයාට ගන්න තියෙන්නේ තීන්දු දෙකයි, එක්කෝ ඥානසාර හිමිට නිදහස ලබාදීම, නැත්නම් ගෙදර යාම - බලංගොඩ කස්සප හිමි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 10:50 🇱🇰 සිංහල

ජනාධිපතිවරයාට ගන්න තියෙන්නේ තීන්දු දෙකයි, එක්කෝ ඥානසාර හිමිට නිදහස ලබාදීම, නැත්නම් ගෙදර යාම - බලංගොඩ කස්සප හිමි

> EN: The President has two decisions to make, either grant freedom to Venerable Gnanasara Thero or let him go home - Balangoda Kassapa Thero

මහනුවර සිට පා ගමනින් භික්ෂූන් වහන්සේ දහසකට අධික පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොන්දේසි විරහිතව නිදහස ලබාගැනීමේ අභිලාෂයෙන් බව බලංගොඩ කස්සප හිමියන් පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීමක් වන අතර, මහා සංඝරත්නය ආරක්ෂා කිරීම රජය විසින් සිදු කළ යුතු බවයි අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ.

ජනාධිපති විශේෂ කමිටු නිර්දේශ මත, බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කරමින් නව චක්‍රලේඛයක්
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 10:35 🇱🇰 සිංහල

ජනාධිපති විශේෂ කමිටු නිර්දේශ මත, බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කරමින් නව චක්‍රලේඛයක්

> EN: Prisons Department Issues Circular Updating Regulations on Monastic Attire for Imprisoned Monks

බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කරමින්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින භික්ෂූන් වහන්සේ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී සිවුර දැරීමට හැකිවන පරිදි අදාළ රෙගුලාසි වෙනස් කර ඇති බවයි වාර්තා වන්නේ.

නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 10:17 🇱🇰 සිංහල

නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

> EN: Namal Rajapaksa Remanded Further Until October 23

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන තවදුරටත් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ නඩුව අද (16) කැඳවූ අවස්ථාවේදී සැකකාර ජානකී සිරිවර්ධනගේ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළ අතර, නාමල් රාජපක්ෂගේ ඇප නියෝගය සූදානම් නොමැති බැවින් ඔහුගේ ඇප නියෝගය ඊළඟ දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සඳහන් කළේ.

ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව අද යළි කැඳවයි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 10:10 🇱🇰 සිංහල

ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව අද යළි කැඳවයි

> EN: The case against Shiranthi Rajapaksa will be called up again today

'සිරිලිය සවිය' අරමුදල් ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව අද (16) යළි කැඳවීමට නියමිතයි. අද දිනයේ සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය අසල තත්ත්වය
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 09:55 🇱🇰 සිංහල

අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය අසල තත්ත්වය

> EN: Situation near the Presidential Secretariat this morning

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන’ සඳහා එක්වූ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස අද (16) උදෑසන වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිනවා. එහි අද උදෑසන පැවැති තත්ත්වය දැක්වෙන ඡායාරූප පහතින්.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවල නිරතවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 09:45 🇱🇰 සිංහල

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවල නිරතවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

> EN: Court order prohibits protests in front of the Presidential Secretariat

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවල නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාදී තිබෙනවා. පොලීසිය සිදුකළ ඉල්ලීමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 09:43 🇱🇰 සිංහල

නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

> EN: Namal Rajapaksa is being brought to court.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. එම නඩුව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවීමට නියමිතයි.

අයහපත් කාලගුණය සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 09:42 🇱🇰 සිංහල

අයහපත් කාලගුණය සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

> EN: Dengue cases increase with bad weather

ඩෙංගු රෝගීන් වාර්තාවීම යළිත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. පවතින වැසි තත්ත්වයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන යළිත් වැඩිවී ඇති බවයි එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ.

ඥානසාර හිමියන්ගේ සිදුවීමට එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයාගෙන් පිළිතුරු ලිපියක්
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 09:10 🇱🇰 සිංහල

ඥානසාර හිමියන්ගේ සිදුවීමට එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයාගෙන් පිළිතුරු ලිපියක්

> EN: Justice Minister Responds to UNP Statement on Ven. Gnanasara Thero’s Imprisonment

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිද්ධිය පදනම් කර ගනිමින්, එක්සත් ජාතික පක්ෂය (UNP) විසින් යොමු කළ නිවේදනයට, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ, හිතාමතාම උක්ත කරුණු තහවුරු කිරීම පිණිස බන්ධනාගාර නිත්‍ය නියෝග අංක 550 හි එක් කොටසක් පමණක් උපුටා දක්වමින් මහජනතාව නොමඟ යවන සුළු විකෘති අදහසක් ඉදිරිපත් කර තිබෙන බවයි අධිකරණ අමාත්‍යවරයා සිය පිළිතුරු ලිපියෙන් සඳහන් කර ඇත්තේ.

භික්ෂූන් වහන්සේට එරෙහිව ගෙන ඇති මර්දනකාරී ක්‍රියාමාර්ග විපක්ෂ නායකවරයා හෙළා දකී
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 08:40 🇱🇰 සිංහල

භික්ෂූන් වහන්සේට එරෙහිව ගෙන ඇති මර්දනකාරී ක්‍රියාමාර්ග විපක්ෂ නායකවරයා හෙළා දකී

> EN: Opposition Leader Strongly Condemns Repressive Actions Against Demonstrating Buddhist Monks

මහනුවර සිට කොළඹ දක්වා පා ගමනින් පැමිණ, ජනාධිපති ලේකම් කාර්යාලය අසල සාමකාමී විරෝධතාවක නිරත වෙමින් සිටින භික්ෂූන් වහන්සේලාට එරෙහිව ගෙන ඇති මර්දනකාරී ක්‍රියාමාර්ග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් දැඩි ලෙස හෙළා දකිනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ, උන්වහන්සේලා වැඩම කරවූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට ආවරණය සැපයීම සඳහා සකස් කර තිබුණු තාවකාලික අට්ටාලය පවා කඩා දමා ඇති බවයි.

භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් තවමත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 08:21 🇱🇰 සිංහල

භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් තවමත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියි

> EN: A group of monks and others are still waiting in front of the Presidential Secretariat

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය' නිදහසේ පා ගමනට එක්වූ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස අද (16) උදෑසන වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි මහා සංඝරත්නය ඇතුළු පිරිස ප්‍රකාශ කළේ, ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සම්බන්ධයෙන් රජය නිශ්චිත ප්‍රතිචාරයක් ලබාදිය යුතු බවයි.

GIT විභාගයේ ප්‍රවේශ පත්‍ර සංශෝධන කාලසීමාව දීර්ඝ කෙරේ
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 07:00 🇱🇰 සිංහල

GIT විභාගයේ ප්‍රවේශ පත්‍ර සංශෝධන කාලසීමාව දීර්ඝ කෙරේ

> EN: GIT exam admission card revision period extended

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන 2026 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයේ ප්‍රවේශ පත්‍රවල තොරතුරු සංශෝධනය කරගැනීම සඳහා ලබා දී තිබූ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා. ප්‍රවේශ පත්‍රවල සඳහන් නම, මාධ්‍ය සහ ස්ත්‍රී - පුරුෂ භාවය යන තොරතුරුවල සංශෝධන සිදුකිරීම සඳහා මීට පෙර 2026 ඔක්තෝබර් 19 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා ලබා දී තිබූ කාලය, 2026 ඔක්තෝබර් 21 වන දින පස්වරු 4.00 දක්වා දීර්ඝ කළ බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

අද කාලගුණ නිවේදනය
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 16, 2026 - 06:30 🇱🇰 සිංහල

අද කාලගුණ නිවේදනය

> EN: Today's weather forecast

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මාතර, ගාල්ල, පුත්තලම, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

UPDATE: ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක්
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 15, 2026 - 21:34 🇱🇰 සිංහල

UPDATE: ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක්

> EN: UPDATE: A tense situation near the Presidential Secretariat

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පාගමනින්' පැමිණි ස්වාමීන් වහන්සේ මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසල තවදුරටත් රැඳී සිටිනවා. මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසළ රැදී සිටින විරෝධතාකරුවන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

UPDATE: භික්ෂූන් වහන්සේ පිරිසක් තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයේ
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 15, 2026 - 21:11 🇱🇰 සිංහල

UPDATE: භික්ෂූන් වහන්සේ පිරිසක් තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයේ

> EN: UPDATE: A group of monks continue to protest near the Presidential Secretariat

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පාගමනින්' පැමිණි ස්වාමීන් වහන්සේ මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසල තවදුරටත් රැඳී සිටිනවා. ස්වාමීන් වහන්සේ සහ අනෙකුත් විරෝධතාකරුවන් ගාලුමුවදොර මාර්ගයේ කොටසක වාඩි වී මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

UPDATE: භික්ෂූන් වහන්සේගේ ගැටලුවලට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් මාසයක කාලයක්
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 15, 2026 - 21:10 🇱🇰 සිංහල

UPDATE: භික්ෂූන් වහන්සේගේ ගැටලුවලට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් මාසයක කාලයක්

> EN: UPDATE: Presidential Secretariat officials give one month to address monks' issues

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පාගමන' ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ලිපියක් භාරදීම සිදු කරනු ලැබුවා. එහිදී අදාළ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පැමිණි නිලධාරීන් දෙදෙනෙකු මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ආරුගම්බේ වෙරළ තීරය ආසියාවේ වඩාත් ආකර්ෂණීය සහ හොඳම වෙරළ තීරය ලෙස නම් කරයි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 15, 2026 - 19:15 🇱🇰 සිංහල

ආරුගම්බේ වෙරළ තීරය ආසියාවේ වඩාත් ආකර්ෂණීය සහ හොඳම වෙරළ තීරය ලෙස නම් කරයි

> EN: Arugam Bay Beach named the most attractive and best beach in Asia

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ වෙරළ තීරය, ආසියාවේ වඩාත් ආකර්ෂණීය සහ හොඳම වෙරළ තීරය ලෙස නම් කර තිබෙනවා. 2026 වර්ෂය සඳහා Condé Nast Traveler Readers මඟින් ප්‍රකාශයට පත් කළ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව මෙම නම් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙට්‍රෝ බස් ආවට ගියාට දාන්නේ නෑ, සැලසුමක් ඇතිවයි සිදු කරන්නේ - ප්‍රසන්න ගුණසේන
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 15, 2026 - 18:45 🇱🇰 සිංහල

මෙට්‍රෝ බස් ආවට ගියාට දාන්නේ නෑ, සැලසුමක් ඇතිවයි සිදු කරන්නේ - ප්‍රසන්න ගුණසේන

> EN: Metro Bus Rollout Being Executed Under a Structured Plan Through 2029 - Prasanna Gunasena

මෙට්‍රෝ බස් යෙදවීම සැලසුමක් ඇතිව සිදු කරන කටයුත්තක් බවත්, ඒ සඳහා 2029 වසර දක්වා සැලසුම් සකස් කර ඇති බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ මෙට්‍රෝ බස් රථ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, එය කොළඹින් පිටතට ද ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

UPDATE: ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි සංඝරත්නය ජනාධිපති ලේකම්ට ලිපියක් භාරදෙයි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 15, 2026 - 18:30 🇱🇰 සිංහල

UPDATE: ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි සංඝරත්නය ජනාධිපති ලේකම්ට ලිපියක් භාරදෙයි

> EN: UPDATE: Monks Participating in Foot March Reach Presidential Secretariat, Hand Over Letter to Secretary to the President

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පාගමන' ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි මහා සංඝරත්නය හමුවීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පැමිණි අතර, එහිදී සංඝරත්නය විසින් උන්වහන්සේලාගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් භාරදීම සිදු කරනු ලැබුවා.

මහින්ද රාජපක්ෂ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා, බිරිඳ ඉන්න ඕන සැමියාට අඩුම තරමින් බෙහෙත් ටික හරි දෙන්න - මනෝජ් ගමගේ
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 15, 2026 - 18:15 🇱🇰 සිංහල

මහින්ද රාජපක්ෂ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා, බිරිඳ ඉන්න ඕන සැමියාට අඩුම තරමින් බෙහෙත් ටික හරි දෙන්න - මනෝජ් ගමගේ

> EN: Mahinda Rajapaksa Currently Hospitalized, Wife Needed to Provide Care - Attorney Manoj Gamage

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසනවා. ඔහුගේ තත්ත්වය බරපතල නොවන අතර, සාමාන්‍ය මට්ටමෙන් යහපත් තත්ත්වයක පසුවන බවයි අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

විපක්ෂයේ අය කලබල වෙලා තියෙන්නේ ඥානසාර හිමියන්ගේ සිවුර හෝ ශාසනය වෙනුවෙන් නෙවෙයි, ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් - කේ.ඩී. ලාල්කාන්ත
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 15, 2026 - 17:45 🇱🇰 සිංහල

විපක්ෂයේ අය කලබල වෙලා තියෙන්නේ ඥානසාර හිමියන්ගේ සිවුර හෝ ශාසනය වෙනුවෙන් නෙවෙයි, ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් - කේ.ඩී. ලාල්කාන්ත

> EN: Opposition Agitation Driven by Political Agendas, Not the Robe or Sasana - K.D. Lalkantha

විපක්ෂයේ ඇතැම් පිරිස් කලබලයට පත්ව ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර හෝ ශාසනය වෙනුවෙන් නොව, ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව, කිසියම් හෝ ගැටලුවක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

සිවුරට යුක්තිය : නිදහසේ පා ගමන හේතුවෙන් කොළඹ කොටුව, ලෝටස් වටරවුම සහ ගාලු මුවදොර අවට රථවාහන තදබදයක්
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 15, 2026 - 17:13 🇱🇰 සිංහල

සිවුරට යුක්තිය : නිදහසේ පා ගමන හේතුවෙන් කොළඹ කොටුව, ලෝටස් වටරවුම සහ ගාලු මුවදොර අවට රථවාහන තදබදයක්

> EN: Justice for the Robe: Traffic congestion around Colombo Fort, Lotus Roundabout and Galle Face due to the Freedom March

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාගැනීම වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේගේ ආගමික අයිතිවාසිකම් උදෙසා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇති 'නිදහසේ පාද යාත්‍රාව', කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ළඟා වී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ කොටුව, ලෝටස් වටරවුම සහ ගාලු මුවදොර අවට රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අපි හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා - තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 15, 2026 - 17:00 🇱🇰 සිංහල

අපි හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා - තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්

> EN: We Thought He Was a One Who Came to Help Us - Ven. Thiththagalle Anandasiri Thero

ශ්‍රී ලංකා පොලිසිය විසින් තමන් බොරු ප්‍රකාශ කරන බව සඳහන් කර ඇති බව තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් පවසනවා. තමන් පාද යාත්‍රාවේ යමින් සිටියදී, තමන් ඉදිරිපිටදී තරුණයකුට පහරදීමක් සිදු වූ බවත්, අනතුරුව තමන් මැදිහත් වී අදාළ තරුණයා රෝහලට යොමුකර අදාළ කටයුතු සිදුකළ බවයි අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ.

ආබාධයක් නිසා පැතුම් නිස්සංකට පාකිස්ථාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 15, 2026 - 16:30 🇱🇰 සිංහල

ආබාධයක් නිසා පැතුම් නිස්සංකට පාකිස්ථාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

> EN: Pathum Nissanka to miss Pakistan Tri-series due to injury

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ ආබාධ තත්ත්වය තවදුරටත් සුවවීමක් සිදුනොවීම හේතුවෙන්, පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ඔහුට අහිමි වී තිබෙනවා. ඒ අනුව, විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කළ ලහිරු උදාර එක්දින සංචිතයට එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි නඩුව 19 වැනිදා යළි කැඳවීමට නියෝග
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 15, 2026 - 16:15 🇱🇰 සිංහල

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි නඩුව 19 වැනිදා යළි කැඳවීමට නියෝග

> EN: Contempt of Court Case Against Wimal, Gammanpila, Dilith, and Others Fixed for October 19

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඉදිරිපත් කළ පැමිණිල්ල මේ මස 19 වැනිදා යළි කැඳවන ලෙසට අභියාචනාධිකරණය විසින් නියම කර තිබෙනවා. මෙම පැමිණිල්ල අද (15) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අතර, මෙම පැමිණිල්ලට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු ගොනුවේ පිටපත් මේ දක්වා ලැබී නොමැති බවයි <strong>එහිදී සභාපති විනිසුරුවරයා සඳහන් කළේ.</strong>

තද වැසි ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
🇱🇰 Helakuru Esana (සිංහල)
🕔 Oct 15, 2026 - 16:05 🇱🇰 සිංහල

තද වැසි ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

> EN: Meteorological Department issues warning about heavy rains

බස්නාහිර, සබරගමුව පළාත් සහ මාතර, ගාල්ල, පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා අහස වලාකුළින් බරව පවතින අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

// ALL 50 STORIES LOADED IN FULL VIEW //